අගමැති සිහිනයේ පැටලී ආණ්ඩුව කඩාබිද දැම්මේ ඩලස් අලහප්පෙරුම බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පවසා තිබේ.
එකට සිට කුමන්ත්‍රණ කරන බවට කුට්ටිආරච්චි දැඩි ලෙස අලහප්පෙරුමට දොස් නගා ඇති අතර රැස්ව සිටි මන්ත්‍රීවරුන් බොහෝදෙනා එය අනුමත කර තිබේ.
තමා එසේ නොකළ බව කියමින් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියන විට ඔහු බේරා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේද මහින්ද රාජපක්ෂ බව පැවසේ.
ඩලස් දේශපාලනයට ගෙනාවේ තමන් බවත් ඔහු පිටිපස්සෙන් සිට පිහියෙන් අනින අයකු නොවන බවත් කියමින් මහින්ද ඩලස් අලහප්පෙරුම බේරාගෙන තිබේ.