
හරක් කටාගේ අනියම් බිරිය-ටීනාත් හෙරොයින් සමඟ මාට්ටු
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක් කටා’ නමැත්තාගේ අනියම් බිරියක වූ ටීනා නමැත්තිය මත්ද්‍රව්‍යද සමඟ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් වී ඇත.
මහරගම පොලිස් වසමේ උඩහේන පාරේ සිදුකරන ලද වැටලීමකදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑම් 800ක් සිය සන්තකයේ තබාගෙන සිටියදීය.
අත්අඩංගුවට ගත් ඇගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකාරිය ඝාතනයට ලක්වූ ‘මිදිගම හිච්චි මල්ලී’ යන අය සමඟද අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ අතරතුර ඇය නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සමඟද සබඳකම් පවත්වමින් ඔහුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුද මෙහෙයවා ඇති බව එම බළකාය සඳහන් කරයි.
හරක් කටාගේ උපදෙස් මත මැය විසින් මිදිගම හිච්චි මල්ලි ඝාතනයද සැලසුම් කොට ඇතැයි කියන එම බළකාය වැඩිදුර විමර්ශන සඳහා 31 හැවිරිදි ඇය තිහගොඩ පොලිසියට භාරදී තිබේ.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග මත බුද්ධි විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ භාර සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක II පොලිස් පරීක්ෂක වන්නිආරච්චි ඇතුළු කණ්ඩායමක් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
කීර්ති මෙන්ඩිස්
සටහන උපුටාගැනීම මව්බිම පුවත්පතෙනි