ලෝකයේම නම රැන්දූ මේ නියමුවරයාට අපේ ප්‍රණාමය පුද කරමු.
එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළින් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ඒ-330-300 එයාර් බස් වර්ගයට අයත් යූ.එල්.-504 දරන ගුවන් යානය ශ්‍රී ලංකාව බලා පැමිණීමට ගුවන් ගතවූයේ රාත්‍රී 9.30ට පමණය.වෙනදා මෙන්ම කිසිදු වෙනසකින් තොරව යානය ගුවන් ගත වෙමින් තිබුණු අතර සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙමින් තිබුණි.
ගුවන් මගීන් 275 දෙනෙකු සහ කාර්යය මණ්ඩල නිලධාරීන් 15 දෙනෙකුගෙන්ද සමන්විත මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කරන ලද්දේ අත්දැකීම් පරිපූර්ණ ප්‍රධාන ගුවන් නියමුවකු වන කපිතාන් නවීන් ද සිල්වාය. ඔහුගේ සහායක ගුවන් නියමුවන් ලෙස බුවනික එස්. වීරසිංහ සහ තවත් නියමුවෙකු සේවය කරමින් සිටිය අතර එය ඔවුන් ගේ සාමාන්‍ය දෛනික රාජකාරිය විය.ගුවන් ගමන්වලට ආධුනික කාර්ය මණ්ඩලයේ කිසිවකු නොවූ අතර ආධුනිකයන් සිටියානම් ඒ ගුවන් මඟීන්ගෙන් කිහිපදෙනකු විය හැකිය.සාමාන්‍ය පරිදි යානය පියාසැරිය අරඹන ලද අතර ප්‍රධාන නියමු කුටියෙහිද වූයේ සාමාන්‍ය රාජකාරි ස්වභාවයකි.
කිසිදු නැවතුමකින් තොරව සෘජු ගුවන් ගමනක් වූ මෙම ගමන පැය එකොළහකට ඇස්තමේන්තු ගතකොට තිබුණි.සාමාන්‍යයෙන් ගුවන් ගමනකදී පියාසැරි වේගය සහ ඒ අනුව යා හැකි නාවුක සැතපුම් ප්‍රමාණය අනුව කාලය නිර්ණය කිරීම සිදු කරනු ලැබේ.ගුවන් ගමනේදී භාවිත කරනු ලබන්නේ නාවික සැතපුම් හෙවත් නොටිකල් මයිල් (Nautical mile) යන ඒකකයයි.
මෙම ගණනයන්ට අනුව මෙම අප කතා බහ කරනු ලබන යානය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.40ට ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට සැලසුම් කර තිබුණි.
මෙසේ නිශ්චිත ගමන් මඟ ඔස්සේ ගුවන් ගමනෙහි යෙදුණු යානය හීත්‍රෝ ගුවන් තොටුපළින් පිටත් වී පැයකට පමණ පසු ඇතුළුවූයේ තුර්කි ගුවන් සීමාවටය.එවිට වේලාව රාත්‍රී 10.30 පමණ වී තිබුණි.මේවනවිට යූ.එල්.-504 දරන ගුවන් යානය 33,000ක උසකින් පියාසර කරමින් තිබුණ අතර ඒ බව තුර්කියේ ඇන්කරා ගුවන් ගමන් පාළක මැදිරිය මඟින් නිරීක්ෂණය කරමින් සිටියේය.
මේ මොහොතේ ශ්‍රී ලංකන් ගුවන් යානයේ ප්‍රධාන නියමු කපිතාන් නවීන් ද සිල්වා ඇමතූ තුර්කියේ ඇන්කරා පාළක මැදිරිය ගුවන් යානය අඩි 35000 සීමාව දක්වා ඉහළට ඔසවන ලෙස පණිවිඩයක් නිකුත් කළේය.
ගුවන් ගමන් පිළිබඳ හසළ දැනුමක් මෙන්ම ආධුනිකයන් පුහුණු කරනු ලබන නියමුවකු ලෙස අත්දැකීම් සපිරි අපේ කතාවේ නායක කපිතාන්වරයා නැවත නැවතත් රේඩාර් පද්ධතීන් පරීක්ෂා කරමින් සෙසු නියමුවන් සමඟ සාකච්ඡා කළේය.ඒ වෙන කිසිවක් පිළිබඳ නොව අඩි 35000ක් ඉහළ අහසේ ගමන් කරමින් තිබූ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානාවක් පිළිබඳවය.
මෙම යානාව අඩි 35000 ක් උසින් තම යානයට ගුවන් සැතපුම් දොළහකට පිටුපසින් ගමන් ගන්නා බව කපිතාන්වරයා නිරීක්ෂණය කළේය.
බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් බෝයිං 787 ගුවන් යානය අඩි 35000ක උසින් පැයට නාවුක සැතපුම් 600ක වේගයෙන් පියාසර කරමින් තිබූ අතර ශ්‍රී ලංකන් ගුවන් යානය පැයට නාවුක සැතපුම් 450ක වේගයෙන් අඩි 330000ක උසින් ගමන් කරමින් තිබුණි.
පරිණත කපිතාන්වරයා වහා ක්‍රියාත්මක විය.වහාම තුර්කියේ ඇන්කරා ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතූ හෙතෙම ස්ථීරවම කියා සිටියේ තමාගේ යානයට ඉහළ අහසේ තවත් යානයක් පියාසර කරමින් සිටින වගය.
ඔහුගේ තොරතුරු වහා පිරික්සූ තුර්කියේ ඇන්කරා ගුවන් ගමන් මධ්‍යස්ථානයේ නිලධාරීන් මේ බව නිරීක්ෂණය කරන ලද්දේ කපිතාන්වරයාගේ දත්ත නිරීක්ෂණය කිරීම හරහාය.
ශ්‍රී ලන්කන් ගුවන් යානය පිටත්වීමෙන් විනාඩි කීපයකට පසුව ඩුබායි ඔස්සේ පැමිණ හීත්‍රෝ ගුවන් තොටුපළෙන්සිංගප්පූරුව බලා පිටත්ව යාමට ගුවන් ගතව තිබූ බෝයිං 787 ගුවන් යානය තුර්කියේ ගුවන් ගමන් පාළක මධ්‍යස්ථානය නිරීක්ෂණය කලේ එවිටය. බලා පිටත්ව යාමට ගුවන් ගතව තිබූ බෝයිං 787 ගුවන් යානය තුර්කියේ ගුවන් ගමන් පාළක මධ්‍යස්ථානය නිරීක්ෂණය කලේ එවිටය.
අපේ කපිතාන්වරයාගේ බුද්ධිමත් තීරණය හේතුවෙන් ජීවිත පන්සියයකට වඩා පිරිසක් දිවි රැක ගත්තෝය.ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිටි මඟීන් පිරිස 275 වූ අතර බෝයිං 787 ගුවන් යානයේ සිටි මඟීන් ප්‍රමාණය 225කි මෙම යානා දෙකෙහිම සිටි සමස්ත මඟින් ප්‍රමාණය 500කි.කාර්ය මණ්ඩලයද ඇතුළුව මුළු පිරිස 550කට ආසන්නය.
මෙම වාසනාවන්ත ගුවන් නියමුවාගේ පරිණතබව සහ සෙසු නියමුවන්ගේ කැපවීම.නිසා අද ජීවිත 500කට වඩා සුරක්ෂිතව තිබේ.එසේ නොමැතිව පාළක මැදිරියේ අණ පමණක් ක්‍රියාත්මක කළේනම් මේවනවිට ජීවිත දහසකට වැඩි ප්‍රමාණයක් අහිමි වී අඩි 35000ක් උඩු ගුවනේ සිදුවූ ගුවන් අනතුරක් ලෙස මෙය මේවනවිට ලෝකයම කළඹණු ඇත.
මේ සූර වීර වික්‍රමය සිදු කළ ප්‍රධාන නියමුවා පිළිබඳ ලෝකයම කතා බහ කරන්නේ මේ වික්‍රමයට පසුවයි.නවීන් ද සිල්වා කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. 1981 වසරේ වෙස්ලි විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දස්කම් නිසාම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේය. නවින් නායකත්වය දරන කාලයේ ඔහුගේ කණ්ඩායමේ අර්ජුන රණතුංග, රුමේෂ් රත්නායක, අරවින්ද ද සිල්වා සහ ඇෂ්ලි ද සිල්වා යන ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්ද එක් වූහ. ඔවුන් සියලුදෙනාටම 1982 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එංගලන්තයේ පාසල් ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට එක්වූ අතර එය ඉතිහාසයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්තයට ගොස් තරග කළ පළමු අවස්ථාව ලෙස ද වාර්තාගතවිය.
එදා පිටියේ දස්කම් පෑ ක්‍රීඩකයකු වූ නවීන් මෙවර තම දස්කම දක්වන ලද්දේ තුර්කි අහස උඩය.තුර්කියේ අහස උඩදී පෑ ඒ වික්‍රමය ලෝකයේම අහසට ආදරය කරන අයට දැනී ඇත්තේ එය ජීවිත පන්සියයක ඉරණම විසඳවූ වික්‍රමයක් නිසාමය.
තාරක රාමනායක
ජීවිත පන්සියයක ඉරණම විසඳූ
තුර්කි අහසේ ගුවන් විප්ලවය