ජා-ඇළ දක්වා විහිදෙන කොළඹ වරාය

ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද 2022 ආර්ථික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කොළඹ වරාය ජා-ඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බව යි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන් ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බව සඳහන් කර සිටියේය. මුලින්ම කොළඹ වරාය ජා-ඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බව ත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා අනාවරණය කළේ ය.
එමෙන්ම උපාය මාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව ත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.