ජානකී සිරිවර්ධනට ඇප

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවාය.