ජාතික සභාවක් පත්කිරීමට ජනපති එකඟවේ

සියලු පක්ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශ කළේය.

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ ආමාත්‍ය මණ්ඩලය පත් කරගැනීම සඳහා වගකීම ජාතික සභාව වෙත පැවරෙන බවද හෙතෙම කියා සිටියේය.

නව අගමැතිවරයකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 15-20කට සීමා විය යුතු බවට ද එහිදී සාකච්ඡා වූ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා කියා සිටියේය.

අන්තවාර ආණ්ඩුවක් පිහිටුවීමට සෙසු සියලු පක්ෂ එක් කර ගැනීමේ වගකීම තම කණ්ඩායම බාරගත් බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.