
විදුලිය ගාස්තු අධික ලෙස ඉහළ යාමත් සමග ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ජල පාරිභෝගිකයින් සිටින අතර ඉන් 92%ක් ගෘහස්ත ජල පාරිභෝගිකයින් වන අතර 8% ක් ගෘහස්ත නොවන පාරිභෝගිකයින් ය.
කෙසේවෙතත් ජල නිෂ්පාදන කටයුතු සඳහා දරණ පිරිවැයෙන් 35%ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව සඳහන් වේ.