
ජර්මනියේ හැම්බර්ග් නගරයේ සිදුවුණ වෙඩිතැබීමකින් පුද්ගලයින් පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා කර තිබිණි.
එම වෙඩි ප්‍රහාරය සිදු වී ඇත්තේ ජර්මනියේ රැස්වීම් ශාලාවක බව වාර්තා වේ. නාඳුනන තුවක්කරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ. ආරක්ෂක අංශ විසින් සිදු කළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට ද සැක පහළ කෙරේ.
තුවාලකරුවන් රැසක් රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.