ගෝඨාගෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝග

අරගල සමයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ මුදල් සම්බන්දයෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, විශේෂ අපරාධ කොට්ඨාසයට ඊයේ (13) නියෝග කරන ලදි

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් එම මුදල්වලට ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන නැති බවට කළ දැනුම්දීමකට අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි.

මේ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ප්‍රකාශ ගැනීමට අත්අඩංගුවට ගැනීමේ නියෝග ලබාදීමට අවශ්‍ය නැති බව හා විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැති බවයි.

2022 වසරේ ජුලි 09 වැනිදා අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ මුදල් ප්‍රමාණය ලෙසින් දැක්වෙන්නේ රුපියල් මිලියන 17.5 කි