
පාස්කු ප්‍රහාරයේදී ඉහළ දේශපාලන තලය මෙම ප්‍රහාරය වළක්වාලීමට කටයුතු කර නැති
බැවින් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කවරාකාරයෙන් සිදු වන්නේදැයි අධ්‍යයනය කිරීමට නීතිඥ කණ්ඩායමක් පත්කළ බව ජාතික ජන බලවේගයේ නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි,
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව වන්දි ගෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් අලුතින් නඩුවක් නීතිපතිවරයා විසින් ගොනු කල යුතු බවද බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන අතර කවරාකාරයෙන් වුවද වින්දිතයන් හට යුක්තිය හා සාධාරණය ඉටු කිරීමට රජය මැදිහත් විය යුතු බවද ඔහු පෙන්වා සිටී,
එමෙන්ම නීතිඥ කණ්ඩායම පත් කිරීමෙන් ඉදිරි කටයුතු පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරන බව ත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.