ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කොට තිබේ. එම සාකච්ඡාව අනිද්දා (10) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම සාකච්ඡාවේදී බදු සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සියලුම වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර ඇත.
ඊයේ (07) ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී වෘත්තීමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් දීම සඳහා එකඟතාවකට පැමිණි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එහෙත් රජයට එරෙහි විරෝධතා දැක්වීමේ පියවරක් ලෙස අද (08) එක් දින වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පැවසුවේ මෙය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බවයි.
