ජනපති ආර්යාවගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ ආදරණීය මෑණියන් වන ශිරාණි වික්‍රමසිංහ මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට එම සම්පූර්ණ ඉඩම පරිත්‍යාග කර ඇත්තේ ප්‍රකට දානපතිනියක වන ශිරාණි වික්‍රමසිංහ මහත්මිය විසිනි.

ඇයගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද පස්වරු 5.00 නාවල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.