ජනාධිපතිවරයා තමන්ට ඉවත් වෙන ලෙස මේ දක්වා දැනුම් දී නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ අද (27) ප්‍රකාශ කර තිබේ.
අරලියගහ මන්දිරයේදී අද පැවැති පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ හමුවකදී අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපතිවරයා එසේ කියනු ඇතැයි තමා නොසිතන බවය.
එබැවින් තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කරන අතර විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට සූදානම් බවත් මහින්ද රාජපක්ෂ පවසා තිබේ.
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත්තේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් කොට තනන නව සර්ව පාක්ෂික ආණ්ඩුවක ව්‍යුහය පිළිබඳ සාකච්ඡා කිරීමට සිකුරාදා තමන් හමු වන ලෙසය.
