
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පවසා ඇත.
ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදුකරන ලද ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම රටේ ජනතාවගේ ඉවසීම සහ විශ්වාසය තුළ IMF අනුමැතිය ලබා ගැනීමට පසුබිම සකස් වූ බවයි.