
සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීම හා සම්බන්ධ කරුණු මේ වන විට නිල වශයෙන් තමන්ට දැනුම් දී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු ඒ මහතා, තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී ඇත.
පසුගිය පෙබරවාරි 16 වැනිදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට මුද්‍රා තබන ලදී. පසුව දින කිහිපයකින් මුද්‍රා ඉවත් කෙරුණු අතර එහි තිබූ කාර්යාල ලිපි ගොනු සියල්ල පොලිසිය විසින් සිය භාරයට ගන්නා ලදී.