ඡන්ද විමසීමට අදාළ අතුරු තහනම් නියෝගය ගැන ඉල්ලීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු ඉල්ලා සිටියේ , පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ විමර්ශනය අවසන් වන තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙසය. එමෙන්ම මහ මැතිවරණය සඳහා මුදල් ලබා ගැනීමට අදාළව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය ද එලෙස වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන ලෙසත් සේමසිංහ මහතා ඉල්ලා සිටියේය.