
මාර්තු මස 09 පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පෙබරවාරි මාසය තුළ මිලියන 770ක මුදලක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත.අදාළ කාර්යයන් වෙනුවෙන් එම මුදල තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
මැතිවරණ වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 37කට ආසන්න මුදලක් මීට පෙර මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කර තිබේ.
මිලියන 770ක මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර
මෙම කාලවකවානුවේදී, මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා රුපියල් බිලියන 04ක පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කෙරේ.