
ගැහැනු දරුවකු විවාහ කර දීමේදී ඇයට දෑවැද්දක් පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකාවේ මෙන්ම තවත් රටවල ද පවතින සිරිතකි. එහෙත් චීනයේ ඇත්තේ මෙයට වෙනස් සම්ප්‍රදායකි. එහිදී සිදු වන්නේ දියණියක විවාහ කර ගන්නා තරුණයා විසින් මනාලියගේ මව්පියන්ට දෑවැද්දක් දීමය.
දෑවැද්දක් ලෙස චීනයේ මනාලයා විසින් විශාල මුදලක් ඇයගේ මවුපියන්ට පිරිනමන බවයි පැවසෙන්නේ. තමාගේ හෘදයාන්විතභාවයත් ධනවත්භාවයත් පෙන්වීම සඳහා මෙසේ කරන බවයි පැවසෙන්නේ. චීනයේ සිදුවන විවාහවලින් 75%ක පමණ මෙම චාරිත්‍රය ඉටු වුණ ද මෙම චාරිත්‍රයට එරෙහිව පියවර ගැනීමට සහ එය අධෛර්යමත් කිරීමට චීන බලධාරීන් සූදානම් වන බවක් මේ වන විට විවිධ ආරංචි මාර්ගවලින් පැවසේ.
බොහෝ මනාලයන්ට මෙම වියදම දරා ගැනීමට අපහසු බවක් ඉන් කියැවේ. මේ නිසා තරුණ තරුණියන් විවාහ වන සංඛ්‍යාව අඩු වීමද, විවාහයන් ප්‍රමාද වීමද සිදු වී ඇති අතර මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා චීන රජය මේ වන විට පියවර ගනිමින් සිටියි.
දෑවැදි සම්ප්‍රදායට එරෙහිව පියවර ගැනීම මෙහි ප්‍රධාන පියවර ලෙස සැලකේ. නැතහොත් විවාහයකදී දැරීමට වන වියදම අඩු කිරීමටද සලකා බැලේ. උපත් අනුපාතය අඩුවීම නිසා චීනයේ ජනගහණය අඩු වීම නිසා එරට ශ්‍රම බළකායේ අඩු වීමක්ද, රට තුළ පරිභෝජනය පහත වැටීමක් ද දක්නට ලැබේ. චීන ආර්ථිකයට මෙය විශාල බලපෑමකි.
දෑවැදි සම්ප්‍රදාය අහෝසි කිරීමේ තවත් පියවරක් ලෙස චීනයේ ඇතැම් පළාත්වල වෙනස් විදිහේ වැඩසටහන් ද ක්‍රියාත්මක ඇති බව වාර්තා වෙනවා. හොඳම නැන්දම්මා තේරීම මෙහි එක් නිර්මාණාත්මක වැඩසටහනකි. මෙහිදී දෑවැද්දට මුදල් අඩුවෙන් ඉල්ලන නැන්දම්මා හොඳම නැන්දම්මා වේ. ඊයේ (08) ජාත්‍යන්තර කාන්තා දිනයේදී චීනයේ නගරයක සමූහ විවාහ උත්සවයක් පවත්වා තිබූ අතර එහි තේමාව වී ඇත්තේ ‘අපට ඕනෑ සතුටයි. දෑවැදි නොවේ’ යන්නය.. තවද, මනාලයාගෙන් විශාල මුදලක් අවැසි නොවන බව සඳහන් ලියැවිල්ලකට තරුණියන්ගෙන් අත්සන් ගැනීමේ වැඩසටහනක් ද ෂියැංග්ෂි නගරයෙන් වාර්තා වේ.