චීනය ගැන රාසමානික්කම් කී සැර කතාව.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීන රජය කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාව තුළ ‘ChinaGoHome’ යනුවෙන් ව්‍යාපාරයක් කඩිනමින් දියත් කරන බවත් තමා ඊට නායකත්වය දෙන බවත් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය වෙත අද අනතුරු අඟවා ඇත.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු නම් මෙරටට සහය වීමට අවශ්‍ය නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු බවයි.

චීනය කියන්නේ ඩොලර් ට්‍රිලියන 20ක ආර්ථිකයක් තියෙන රටක්. රටක් වශයෙන් අපි එයාලට ණයවෙලා තියෙන්නේ බිලියන 7.4ක්. චීනය ඇත්තටම ලංකාවේ යාළුවා නම් එක්කෝ මේ ණය කපන්න ඔ්න. අපි මේ ණය මුළුමනින්ම කපාහරින්න කියන්නෙත් නෑ. අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලන්නේ. ඒකට හරි උදව් කරන්න.
යැයි ද ශානකියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.