චාමිකට දඩයක්

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයේදී හතරේ සීමාව අසළ පන්දු රකිමින් සිටියදී ඒ අසළට පැමිණි ප්‍රේක්‍ෂකයන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගත්තේ යැයි කියන සිද්ධියක් මෙම දඩුවමට හේතු වී තිබේ. චාමික මේ වන විටත් වසරක අත්හිටුවූ තහනමක් ද ගතකරමින් සිටින්නේ විනය කඩකිරීමේ චෝදනාවකට වරදකරු වීමෙනි.
කෙසේවෙතත් ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට චාමික කරුණාරත්නට දඬුවම් ලකුණු 2 ක් එකතු කිරීමට සහ තරග මුදලින් 40% ක දඩයක් පැනවීමට සහ තරග තීරකවරයා කටයුතු කර තිබේ.