
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද දින ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් වී තිබේ.
චන්දිමාල්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 39කි. චන්දිමාල්ගේ එම කඩුල්ලත් සමඟ නවසීලන්තයේ වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා ටීම් සවුදි බවට පත් විය. ඔහු මේ වන විට තරග 354කදී කඩුලු 706ක් ලබා ගෙන තිබේ. මෙතෙක් එම වාර්තාවේ හිමිකරුවා වූයේ ඩනියෙල් විටෝරිය. ඔහු තරග 442කදී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 705කි.