චණ්ඩි හතරක් අත්අඩංගුවට

නවගමුව, සමගි මාවත ප්‍රදේශයේ අද (09) උදෑසන පුද්ගලයෙකුට ආයුධවලින් පහරදීමට තැත් කළ සැකකරුවන් සිව්දෙනෙකු නවගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ආයුධ සමඟින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. අල්ලාගත් සැකකරුවන් පසුගිය 16 වනදා ද නවගමුව, දැඩිගමුව ජය මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21,29,41 වැනි වයස්වල පසුවන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ව විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. එම සංවිධානාත්මක අපරාධකරුට මේ වනවිට ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන ද නිකුත් කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය.
වැඩිදුරටත් විමර්ශන සිදුකර නවගමුව පොලීසිය සැකකරුවන් හෙට (10) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.