හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා The Wall Street Journal සමග ප්‍රකාශ කර ඇත.එම සඟරාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීම, ඔහුව නෙරපා හැරීමට පෙළගැසුණු දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර යළි දේශපාලනික වශයන් නොසන්සුන්තා ඇති විය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
දැඩි මහ ජන විරෝධතා මධ්‍යයේ ජූලි 13 වන දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගොස් අනතුරුව සිංගප්පූරුව බලා පැමිණීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය.
කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පසුගිය දා කියා සිටියේ, රාජපක්ෂ මහතා සැඟවී නොසිටි බව ත්, ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවත් ය.
කෙසේ වෙතත්, පරිපාලනමය ගැටලු සහ අනෙකුත් රජයේ කටයුතු සම්බන්ධයෙන් තමා රාජපක්ෂ මහතා සමග නිරන්තරයෙන් සම්බන්ධ වූ බව පවසා ඇති වික්‍රමසිංහ මහතා The Wall Street Journal සමග ප්‍රකාශ කර ඇත්තේ, ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බව රාජපක්ෂ මහතා තමාට පවසා නොමැති බව ය.
“ඔහු නැවත පැමිණීමට කාලය මෙය යැයි මං විශ්වාස කරන්නේ නැහැ. ඔහු ඉක්මනින් ආපසු එන බවට මට කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.”
යනුවෙන් හෙතෙම අදහස් දක්වමින් කියා ඇත.