ගුවන් යානා 11ක ට කැබිනට් අනුමැතිය

දෙසැම්බර් 03දා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කරනු ලැබුවේ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවයි.
අශෝක් පතිරගේ මහතා තව දුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කලේ
මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් ව තිබෙන බවත් ඊළඟ වසර වනවිට ලීසිං කාලය පිරීම නිසා ගුවන් යානා 9-11ක් අතර ප්‍රමාණයක් ඉවත්ව යන බවත් ඉවත්වයන ගුවන්යානා වෙනුවෙන් ගුවන්යානා ලබාගැනීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බවත්ය. එමෙන්ම ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් ඉවත්ව යන හෙයින් ප්‍රමුඛතාවය හිමිවන්නේ ඒ සඳහා බවත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් ඒ පිලිබඳ විශ්ලේෂණයක් සිදුකර ගුවන්සේවයට රටට උචිත ආකාරයට ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත්ය.