ගිනිඅවි සහ පතරොම් සොරකම් කළ යුද හමුදාවේ 2ක් අල්ලයි

පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු සන්තකයේ තිබුණු ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවිය සහ උණ්ඩ සොරකම් කරන ලද මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකු හා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ සෙබළාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් යුද හමුදා සැරයන්වරයෙකි.

එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අද (16) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.