ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු

බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ, මධ්‍යම, ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනා බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා අද (16) පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 වන තෙක් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඒ පිළබඳව අවදානයෙන් සිටින ලෙසයි .

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා අකාරයෙන් කටයුතු කරන ලෙසයි .