ගල්කිස්සේ ගෙදරක නිරුවත් මළසිරුරක්

ගල්කිස්ස, තෙලවල, පොච්චිවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා බස් රථ රියදුරෙකු වන අතර ඔහු තවත් පුද්ගලයෙකු සමග කුලියට ගත් අදාළ නිවසේ නතරවී සිට ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා නිවසේ වැටී සිටින බවට මියගිය පුද්ගලයා සමග නිවසේ රැඳී සිටි අනෙක් පුද්ගලයා දැනුම්දුන් බවට තවත් අයෙකු විසින් මියගිය පුද්ගලයාගේ සහෝදරයාට පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ දුරකතන ඇමතුමක් ලබාදී පවසා තිබේ.
මියගිය පුද්ගලයාගේ සහෝදරයා එම නිවසට ගොස් පරීක්ෂා කිරිමේදී අධික රුධිර වාහනයක් සමග මරණකරු නිරුවත්ව වැටී සිටිනු දැක ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ගල්කිස්ස පොලීසිය සඳහන් කරයි.