මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කළහොත් දැඩි තීන්දුවකට එළැඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
එවන් තීන්දුවක් ගතහොත් ඉදිරියේදී ආණ්ඩුවට සහය නොදීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් හෙළි කළේය.
මේ මන්ත්‍රීවරුන් කණ්ඩායම අද (27) පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ අතර එහිදී එම මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත්තේ එක් එක් කණ්ඩායම්ව්ල වුවමනාවට ආණ්ඩු වෙනස් කළ නොහැකි බවය.
