ගමේ අයට ගම් කුකුළු පැටවු

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහල දැමීම මුලික කර ගනිමින් ගම් කුකුළු පාලනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

හදබිම අධිකාරිය සඳහා ලබා දීමට අපේක්ෂිත යටිතල පහසුකම් ලැබුණු පසු මසකට කුකුළු පැටවුන් 10,000 ක් පමණ නිපදවීමටත්, බිත්තර මිලියන 08ක් දක්වා නිෂ්පාදනය කිරීමටත් හැකි වනු ඇතැයි ද සභාපති සරත් විතාන පැවසීය.

2022 වසරේ අවසාන මාස 06 තුළ පවුල් 1800ක් අතර ගම් කුකුළු පැටවුන් 18,000ක් බෙදා දී ඇතැයි එම අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කරයි. එමෙන්ම මාස 06 සම්පූර්ණ කරන ලද කිකිළියන් 9500ක් බෙදා දී ඇති අතර, නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ බිත්තර ප්‍රමාණය 142,500කි. 2023 වර්ෂයේදී මසකට කුකුළු පැටවුන් 2000 බැගින් කුකුළු පැටව් 24,000ක් බෙදා හැරීමත්, බිත්තර 480,000ක් නිපදවීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි