
ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මහජනතාවගේ තැන්පත් මුදල්නැවත ගෙවීමේ සැලැස්ම,
අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (23) නියෝග කළේය.
නීතිපතිවරයා විසින් අධිචෝදනා 19 ක් සහිතව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු විසින් මෙම නියෝගය ලබාදුන් අතර විත්තිකරුවන් මුදල් නැවත ගෙවීමට එකඟ වී තිබේ.
රුපියල් කෝටි 14කට අධික මුදලක් තැන්පත්ව තිබී ඇති අතර මුදල් නැවත ගෙවීමේ සැලැස්ම මාර්තු මස 17 වනදා අධිකරණය වෙත දැනුම්දෙන ලෙසට වැඩිදුරටත් නියෝග කළේය.