මෙවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයාමේ අවධානමක් මතුව තිබේ.
ඉදිරි පැය 24ක කාලය තුළ නිල්වලා ගඟේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ, කඹුරුපිටිය, මුලටියන සහ දෙවිනුවර යන ප්‍රදේශීය කොට්ඨාසවල පිහිටි පහත් බිම්වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
එමෙන් ම, ඉදිරි පැය 3 සිට පැය 24ක් කාලයක් තුළ කළු ගඟේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි එම දෙපාර්තමේන්තුව බවට ද අනතුරු අඟවා ඇත.
ඒ අනුව, එම ප්‍රදේශයෙන් ගමන් ගන්නා වාහන සහ එම ප්‍රදේශවල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලි සිටියි.
මේ අතර අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක නාය යාම් අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලය අයත් ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.
මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනුම්දෙනු ලැබේ.