ගංජා වලට පොලිස් ලොක්කෙක් මාට්ටු

ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී හසුවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

එම පරීක්ෂණ වලින් පසු මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි 13 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබුණි.