කෝටි දෙක හමාරක් තිලංගට දෙන්න.. අර්ජුනට නියෝග

කෝටි දෙක හමාරක් තිලංගට දෙන්න.. අර්ජුනට නියෝග

තිලංග සුමතිපාල වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග ට අද (17) අධිකරණය නියෝග කළේය.

පසුගිය 2003 වසරේදී පැවැත්වූ මාධ්‍යය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේ යැයි සඳහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අර්ජුන රණතුංගගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

අදාළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාල මහතාට අපහාසයක් සිදුව ඇති බව සදහන් කරමින් ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.

Scroll to Top