
අද (08) දහවල් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ. රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ
ඊයේ (07) දිනයේ ද අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනකට පොලිසිය කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් තුවාල ලබා තිබිණි.
ඊට විරෝධය පළ කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දහවල් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ යෙදුණහ. අනතුරුව ඔවුන් කොළඹ පුරහල දෙසට විරෝධතා පා ගමනින් පැමිණෙමින් සිටියදී මෙම ජල ප්‍රහාරය එල්ල කර තිබේ.