කොලොන්නාවේ අහසට පොලිස් වෙඩි

ඊයේ (30) රාත්‍රීයේදී කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අහසට වෙඩි තබා පිරිසක් විසුරුවා හැරීමට සිදු වුණ බව පොලිසිය පවසයි. එලෙස කටයුතු කරන්නට සිදු වූයේ අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාගැනීමට පිරිසක් උත්සාහ කිරීම හේතුවෙනි. .

වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයකුට හෝ දේපළකට හානියක් සිදු වී නොමැත.

කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගණය ප්‍රදේශයේදී මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයකු අත තිබූ යමක් විසි කරන අයුරු දැක තිබේ.

අදාළ සැකකටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වට කර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම සඳහා උත්සාහ කිරීමේදී අහසට වෙඩිතබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බවයි පොලිසිය පවසන්නේ..