
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටියදීය. සැකකරු මැසිඩෝනියානු ජාතිකයකු බව හඳුනාගෙන තිබේ
එම පුද්ගලයාගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 17ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සදහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතය.