කුරුණෑගල වැවේ කාන්තා මළ සිරුරක්

අද උදෑසන කුරුණෑගල වැවේ කාන්තා මළ සිරුරක් කුරුණෑගල පොලීසිය විසින් සොයා ගෙන ඇත. තවම මළ සිරුර හඳුනාගෙන නැත. කුරුණෑගල පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
සති කිහිපයකට පෙර කාන්තාවක් අතුරුදන් වීමක් පිළිබඳ ගොකරැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. නමුත් තවමත් මේ කාන්තාව ඇය දැයි තහවුරු කර ගෙන නොමැත.

(කුරුණෑගල අනුර ජයන්ත දිසානායක )