කුඩු සලිඳුගේ පෙත්සම ඉවතට ?

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ශික නොහොත් ‘කුඩු සළිඳු’ වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලා තිබේ.

කුඩු සලිඳු පසුගිය දා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වන විට ඔහු ශ්‍රී ලංකාවට රැගෙනවිත් සිටී. ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහුගේ මව විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා විසින් අද (15) අභියාචනාධිකරණයේදී විරෝධතා මතු කර ඇත.

මේ නිසා අදාළ පෙත්සම ලබන 20 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.