කැබ් රථයක් ප්‍රපාතයකට පෙරැළී තුනකට බරපතළයි

කැබ් රථයක් අඩි 60 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (12) රාත්‍රී 7ට පමණ,මහියංගන ප්‍රදේශයේ සිට ඌවපරණගම ඥාති නිවෙසකට පැමිණ නැවත මහියංගණය බලා යමින් සිටියදී, වැලිමඩ දරගල පෙදෙසේදී වංගු සහිත ස්ථානයක අඩි හැටක් පමණ ප්‍රපාතයකට අදාළ කැබ් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදු විඇත.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි. අදාළ කැබ් රථයට ද දැඩි අලාබහානි සිදු වී තිබෙි.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ අදාළ ස්ථානයේ මීට පෙර ද අනතුරු සිදු වූ බවත්, මෙම වංගු සහිත ස්ථානයට මාර්ග සංවර්ධන අධිකාරිය මැදිහත් වී ආරක්ෂිත වැටක් සවි කර දෙන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අඹගස්දෝව පොලිසිය මගින් සිදු කරයි.

ලුසන්ත රත්නායක
වැලිමඩ