
නවසීලන්තයේ වෙලිංටන්හිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද විය.
අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා තිබෙන අතර අද ඔහුගේ මංගල ටෙස්ට් තරගයයි.
ආරම්භක පිතිකරුවකු ලෙසින් පිටියට පිවිසි නිශාන් මධුෂ්ක අගනා ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කර තිබේ. පළමු පෙළ තරගවලදී නිශාන් රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 300කි.