
පසුගිය 03 වැනිදා සූරියවැව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත කළ විමර්ශනයකදී කාන්තාවකගේ මළසිරුරක් ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගය ප්‍රදේශයේ තිබී, ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඇය 58 හැවිරිදි සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර කාන්තාවගේ දියණිය පොලිසියට පවසා ඇත්තේ තිදෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ තම මව පැහැරගෙන ගොස් ඇති බවය.
මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහ සූරියවැව පොලීසිය විමර්ශන සිදුකරයන අතර අනාවරණය වී ඇත්තේ කාන්තාවගේ පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවත් එහි හිමිකරුගේ බිරිය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත්ය . මේ වන විට හෝටලයේ හිමිකරු සහ බිරිය පළාගොස් තිබේ.