ක්‍රොඒෂියාව බ්‍රසීලය ගෙදර යවයි

බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර අද පැවති තරඟයේදී පස් වතාවක් ලෝක ශූරයන් වූ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම පරදවා ජයග්‍රහණය කිරීමට ක්‍රොඒෂියාව සමත් විය. තරඟ කාලය අවසන් වන විට දෙපිලම ගෝල එක බැගින් ලබා සම තත්වයේ පසුවිය. දඬුවම් පහර මත තරඟයේ ජය පැරදුම තීරණය වූ අතර තරඟය අවසන් වනවිට ක්‍රොඒෂියාව ලබාගත් ගෝල 4ට ප්‍රතිඋත්තර ලෙස බ්‍රසීලයට ලබා ගැනීමට හැකිවුයේ ගෝල 2ක් පමණි.