
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතාට ඊයේ (29) ලිඛිත දැනුම් දීමක් සිදු කර තිබේ. එලෙස දැනුම් දී ඇත්තේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසය.
තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතා පිළිනොගන්නා බව සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් බවයි වාර්තා වන්නේ.
ජාතික ක්‍රිඩා සභාව ඊයේ (29) පස්වරු 2.00ට රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී නොමැත.