කළුතර පලාතොටදී තරුණයකු ඝාතනය කරයි

කළුතර, පලාතොට පාරේ තේක්කවත්ත ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු පුද්ගලයෙක් නිවස තුල සිටි තරුණයකු තියුණු ආයුදයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ පින්නදුව හේවාගේ අනුරුද්ධ ධනංජයද සිල්වා 27 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.

අද (07) දහවල් 2.20ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගිය තරුණයා ත්‍රීරෝද රථ රියදුරෙකි. කළුතර දකුණ මූලස්ථාන පොලීසිය මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.