කම්මල්කරුවා ගිනි අවිය සමඟ අත් අඩංගුවට

විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලැබුන තොරතුරක් මත සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද දින (14) දහවල් අත් අඩංගුවට ගැනීමට සමත් විය.

අත් අඩංගුවට ගත් පුද්ගලයා 49 හැවිරිදි කම්මල්කරුවෙක් වන අතර ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල තිබ්බොටුවාව ප්‍රදේශයේදීය.

සැකකරු හෙට ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.