
ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබේ. මෙවර පැවැත්වෙන්නේ 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලයි.
ඔස්කාර් 2023 – සහාය නළුවා සම්මානය හිමි කර ගෙන ඇත්තේ “Everything Everywhere All at Once” චිත්‍රපටයේ රඟපෑ කී හේ ක්වෑන්ය.
ඔස්කාර් 2023- සහාය නිළිය සම්මානය “Everything Everywhere All at Once” චිත්‍රපටයේම රඟපෑ ජේමි ලී කර්ටිස් හිමිකර ගත්තාය.
ඔස්කාර් 2023 – RRR ඉන්දීය තෙළෙඟු චිත්‍රපටයේ නාටු නාටු ගීතය හොඳම ගීතය වෙනුවෙන් ඔස්කාර් සම්මානයට පාත්‍ර වී තිබේ.
ඔස්කාර් 2023 – හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ සම්මානය “Everything Everywhere All at Once” චිත්‍රපටය වෙනුවෙන් ඩැනියෙල් ක්වාන්ට සහ ඩැනියල් ස්කීනට් හිමි කර ගෙන ඇත.
ඔස්කාර් 2023 – අමෙරිකානු හොඳම ප්‍රහසන චිත්‍රපට ඔස්කාර් සම්මානය “Everything Everywhere All at Once” චිත්‍රපටය විසින් දිනා ගෙන තිබෙන අතර එහි රඟපැ ප්‍රධාන නිළිය මිචෙල් යීයෝ ලොව ප්‍රථම ආසියානු නිළියක් ලෙස හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගෙන ඇත.
ඔස්කාර් 2023 – හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය “The Whale” චිත්‍රපටයේ රඟපෑ බ්‍රෙන්ඩන් ෆ්රේසර් දිනා ගෙන ඇති අතර මෙය ඔහු රඟපෑ වසර 12ක කාලය අතරතුර ප්‍රධාන චරිතයට පණ පෙවූ ප්‍රථම අවස්ථාව වීම විශේෂත්වයකි.