ඒකට හේතුව සනුක

මේ දිනවල ජනප්‍රිය ගීතයක් වන pottuvil asmin රචනා කල “අයියෝ සාමි” දමිළ ගීතය සම්බන්ධයෙන් වින්ඩි ගුණතිලක සති අග පුවත්පතකට පවසා සිටියේ මෙසේය.
“සින්දුව ජනප්‍රිය වෙන්න සනුක තමයි හේතුව. එයා වෙන සින්දුවක් කරමිනුයි හිටියේ. එයාට එක පාරටම අදහසක් ඇවිත් මෙලඩි එක හැදුවා. එයා හිතුවා Tamilහෝ Hindi Language එයට ගැළපෙනවා කියලා. ඉන් පසුව pottuvil asmin සහෝදරයා එය දමිළ භාෂාවෙන් ලිව්වා. සනුක සංගීතය නිර්මාණය කළා. ඇත්තටම මම මුලින් ගොඩාක් බය වෙලා හිටියේ. මම සිංහලෙන් සින්දුවක් කියන්නත් බයයි. දමිළ භාෂාවෙන් කීවම තවත් බය වුණා. හරිම අමාරු Language එකක්නේ.”
ඒ අතරම ඇය පවසා සිටියේ
” තාත්ති හදන සින්දුවල වෙනම Magic එකක් තියෙනවා වගේ මට දැනෙනවා. මම එයාගේ දුව නිසාද දන්නේ නැහැ. එයාගේ හැම ගීතයකටම මම කැමැතියි. ‘රේණු රේණු මල් මිටේ රේණු’ ගීතයට මම ටිකක් වැඩිපුර කැමැතියි. අම්මිගේ ‘සුදු සේල දවටා’ ගීතයට මම හරි ආසයි. මම හිතනවා දෙවියෝ මට ගොඩක් ආශිර්වාද කරල තිබෙනවා කියලා. එයාටත් ස්තූතියි හැමදේටම” යනුවෙනි