එළදෙනෙකුගේ දිවි ගලවයි

යකඩ තට්ටුවකට හිර වී සිටි එළදෙනකු බේරාගැනීමට ඌවපරණගම ලුනුවත්ත නගරයේ තරුණ පිරිසක් කටයුතු කර තිබේ.

කිරි එළදෙන තණකොළ කෑම සඳහා නගරයේ ආසන්නයේ භූමියක අයිතිකරු විසින් ගැට ගසා ඇති අතර, තණකොළ කමින් යන විට මෙම එළදෙන විශාල යකඩ තට්ටුවට කකුල් හිරවීමෙන් ඇද වැටී ඇති අතර, ආසන්නයේ තිබූ විශාල ලොරි රථයකට හිර වී තිබූ අතර, ජීවිතයත් මරණයත් අතර සිටින මේ එළදෙන නගරයේ තරුණ පිරිස් එකතු වී මහත් පරීශ්‍රමයක් දරා බේරා ගත් අතර, ඒ වන විටත් ගවයාගේ කකුල් දෙකක් කැඩී තිබුණි.

මෙම එළදෙන අයිති වන කාන්තාව ඉතා සංවේදීව හඬ හඬා තම දරුවකු හා සමානව ගවයා මුදාගැනීමට වෙර දරන ආකාරයත් දැක ගැනීමට හැකි විය.

ආර්. එම්. ලුසන්ත රත්නායක
වැලිමඩ