

වැලිමඩ අධ්‍යාපනය අධ්‍යාපන කලාපයට අයත්,ඌවපරණගම බ/දංගමුව විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වගා කටයුතු සඳහා යම් පාර්ශ්වයකට දීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව ඊයේ සවස විද්‍යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණහ.
මෙහිදී ජනතාව කියා සිටියේ වසර 85ක ඉතිහාසයක් ඇති දංගමු විද්‍යාලය ප්‍රදේශ රැසක දරුවන්ට සිප් සතර ලබා දුන් පාසලක් බවත් මේ වන විට එම විද්‍යාලය ප්‍රාථමික අංශයට පමණක් සීමා වී ඇති බවය.
පොදු ස්ථානයක් නොමැති බැවින් ගම්මානවල පොදු කටයුතු සඳහාත් මෙම ක්‍රීඩා පිටිය භාවිතා කරන බවත් ජනතාව වැඩි දුරටත් කියා සිටියහ. පසුගිය කොවිට් සමයේ මෙම ක්‍රීඩා පිටිය එළි පෙහෙළි කිරීමට ජනතාවට නොහැකි වී තිබේ.
මේ පිළිබඳව වැලිමඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂවරියගෙන් දුරකථනයෙන් විමසූ විට කියා සිටියේ දැන් අදාළ ප්‍රශ්නය විසදා ඇති බවත් මාධ්‍යයට අදහස් ප්‍රකාස කිරීමට නොහැකි බවයි. නමුත් ජනතාව කියා සිටියේ තවමත් ඊට විසඳුමක් ලබා දී නොමැති බවයි.
ලුසන්ත රත්නායක
වැලිමඩ