උසස් පෙළ සමයට විදුලිය දිගටම

අපොස උසස් පෙළ විභාගය මෙම මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත හෙයින් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී විදුලි අත් හිටුවීම නොකරන බව බලධාරීන් පවසයි.

ඔවුන් පවසන්නේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති නිසා එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම තීරණය ගත් බවයි.